කෝටි 100ට අධික බදු වංචා කළ 90ක් සිටින බව පාඨලී කියයි

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරන්නේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 100කට වඩා බදු වංචා කළ පුද්ගලයන් 90 දෙනෙකු සිටින බවයි. ප්‍රවෘත්ති මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව හෙළි කළ අතර, රුපියල් කෝටියකට වඩා බදු වංචා කළ පුද්ගලයන් 4,500ක් සිටින බවද කියා සිටියේය. මහජනතාවගෙන් පිටි කිරි, සීනි සහ පරිප්පු වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බදු අය කරන අතරතුර, බදු වංචා කළ මෙම පුද්ගලයන්ගෙන් මුදල් අයකර ගැනීමට නොහැකි නම්, ඔවුන්ගේ නම් ප්‍රසිද්ධ කරන ලෙස හිටපු අමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයාට අභියෝග කළේය. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ වැනි දේශපාලඥයන්ගේ විදේශ සංචාරවලට වියදම් වන මුදල් ගැන නිරන්තරයෙන් කතා කළත්, බදු වංචා කරන පුද්ගලයන් පිළිබඳව අවධානයක් යොමු නොකරන බවයි. එමෙන්ම, වරාය නගර ව්‍යාපෘතියට අදාළ චීන සමාගම් හතරකට බදු සහන ලබා දී ඇති බවද ඒ මහතා කියා සිටියේය.