කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! එංගලන්තයට එරෙහිව පළමුව පන්දු රැකීමට තීරණය කරයි කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර අද (ඔක්තෝබර් 11) පැවැත්වෙන තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර, තරගය තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතය. තරගයට පෙර අදහස් දැක්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා ඊයේ (ඔක්තෝබර් 10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ, ප්‍රතිවාදී එංගලන්ත කණ්ඩායම පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදුකරමින් අද තරගයට හොඳ සූදානමකින් මුහුණ දෙන බවයි.