ඖෂධ හිඟයට හේතු ඇමති කියයි

මෙරට පවතින ඖෂධ හිඟයට පිළියම් සෙවීමේදී, ඊට ප්‍රධාන බාධාවක් වී ඇත්තේ බ්‍රිතාන්‍ය යුගයේ සිට පැවත එන සමහර පැරණි නීතිරීති සහ රෙගුලාසි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි විපස්සි බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමිනි. රජයට තුනෙන් දෙකේ බලයක් තිබියදීත් මෙම නීති වෙනස් කිරීමට නොහැකි වන්නේ මන්දැයි යමෙකුට ගැටලුවක් විය හැකි බව ඇමතිවරයා සඳහන් කළේය. එහෙත්, පවතින නීතිරීති එකිනෙකට සම්බන්ධ බැවින්, ඒවා වෙනස් කිරීමට උත්සාහ දැරීමේදී ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය. එමෙන්ම, සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමේදී, සියලුම නීති එලෙසම අනුගමනය කරමින් සහ කාලය ගනිමින් හදිසි ගැටලුවලට විසඳුම් සෙවීමට නොහැකි බව අමාත්‍යවරයා අවධාරණය කළේය. එවැනි අවස්ථාවලදී, ඖෂධ හිඟය පියවීමට පරිත්‍යාගශීලීන්ගේ, දානපතීන්ගේ සහ රාජ්‍ය තාන්ත්‍රිකව ලැබෙන පරිත්‍යාග ආදිය උපකාර කර ගැනීමට සිදුවන අවස්ථා ඇති බව ද ඔහු සඳහන් කළේය.