'කජ්ජා' ඝාතනයට හේතුව මෙන්න : බැකෝ සමන් කට අරියි

පාතාල කල්ලි නායකයෙකු වන 'බැකෝ සමන්' විසින් 'කජ්ජා' හෙවත් අනුර විදානගමගේ ඝාතනය කිරීමේ පසුබිම අනාවරණය කර ඇති බවට පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි. බැකෝ සමන් පවසා ඇත්තේ, තම මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳ තොරතුරු එළියට දැමීම හේතුවෙන් කජ්ජාව ඝාතනය කළ බවයි. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු මෙම තොරතුරු හෙළි කර තිබේ. බැකෝ සමන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, මෙම ඝාතනයෙන් දරුවන් දෙදෙනෙකු ද මියයාම හේතුවෙන් මුලින් ඝාතනයේ වගකීම භාර ගැනීමට සූදානමින් සිටි කිසිවකුත් ඉදිරිපත් නොවූ බවයි. කෙසේ වෙතත්, දරුවන් දෙදෙනා ඝාතනය කිරීමට තමන්ට කිසිදු අදහසක් නොතිබූ බවට ඔහු පොලීසියට පවසා ඇත. තවද, කජ්ජාගේ මරණයෙන් පසු තමාට එල්ල විය හැකි චෝදනාවලින් ගැලවීම සඳහා ඔහුගේ බිරියගේ බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ තුනහමාරක (3.5) මුදලක් තැන්පත් කළ බව බැකෝ සමන් පිළිගෙන තිබේ. මෙම මුදල් තැන්පත් කිරීම තුළින් කජ්ජාගේ පවුලේ සාමාජිකයන් සමඟ 'සම්බන්ධතාවක්' ගොඩනගා ගැනීමට උත්සාහ කළ බව ද සැකකරු විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත. News03 : general පස්සර - ලුණුගල මාර්ගයේ අවට පිරිසට හදිසි දැනුම්දීමක් බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පස්සර - ලුණුගල මාර්ගයේ කොටස්වල නාය යෑම් තත්ත්වයන් වාර්තා වී තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ, පස්සර 13 කණුව අසල නාය යාමක් සිදුවීමෙන් මාර්ගය මතට ගල් පෙරළී අවහිර වී ඇති බවයි. පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනට එම මාර්ගයේ එක් මංතීරුවක් පමණක් ගමනාගමනය සඳහා විවෘතව තැබීමට පියවර ගෙන ඇත. එබැවින් මෙම මාර්ගය භාවිතා කරන රියදුරන් වඩාත් ප්‍රවේශම් වන ලෙස ඉල්ලා සිටී. මේ අතර, පස්සර, කනවැරැල්ල බටහිර හෙළපොල ප්‍රදේශයේ නාය යෑමේ අවදානමක් සක්‍රීය වීම හේතුවෙන් එහි පදිංචි පවුල් තුනක පුද්ගලයින් වහාම ආරක්ෂක ස්ථාන වෙත යැවීමට පස්සර ප්‍රාදේශීය ලේකම්වරිය පියවර ගෙන ඇත. අයහපත් කාලගුණය පහව යන තෙක් අවදානම් කලාපවල ජනතාව වඩාත් සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස බලධාරීහු දැනුම් දෙති.