තාජුඩීන් ඝාතන පරීක්ෂණයේ CID මීළඟ පියවර !

ආන්දෝලනයට තුඩු දුන් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන්, මියගිය පාතාල නායක 'කජ්ජා' හෙවත් අනුර විදානගමගේගේ පුත්‍රයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සූදානම් වේ. තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් මෑතකදී 'කජ්ජාගේ' බිරිඳ විසින් CID යට කරුණු අනාවරණය කර තිබුණි. ඇය ප්‍රකාශ කර තිබුණේ, තාජුඩීන්ගේ රිය අනතුර සිදුවන මොහොතේ අනුර විදානගමගේ සැකකටයුතු රියක තාජුඩීන්ගේ රියට පිටුපසින් ගමන් ගත් බවයි. කෙසේ වෙතත්, ඉන් අනතුරුව මාධ්‍ය හමුවක් ඇමතූ 'කජ්ජාගේ' පුත්‍රයා, තම මවගේ මෙම අනාවරණය ප්‍රතික්ෂේප කළේය. අදාළ සිදුවීමට අදාළ වීඩියෝවක් තම පියාගේ පවුලේ ඥාතීන්ට පවා පෙන්වූ බවත්, ඒ පිළිබඳව විමර්ශනයක් නොකරන්නේ මන්දැයි පොලීසියෙන් විමසා සිටි බවත් ඔහු එහිදී පැවසීය.