ඉංජිනේරු සංගම් වර්ජන‍යේ නවතම තත්වය ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (ඔක්තෝබර් 06) සිට තවදුරටත් තීව්‍ර කිරීමට තීරණය කර ඇති බව නිවේදනය කරයි. සංවිධානයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, අද දිනයේ සිට විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සමඟ සිදුකරන සියලුම වැඩකටයුතු නතර කිරීමට පියවර ගන්නා බවයි. සිය ඉල්ලීම්වලට බලධාරීන්ගෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම තීරණයට එළැඹි බව ඉංජිනේරු සංගමය පෙන්වා දෙයි. ඔවුන් වැඩිදුරටත් අනතුරු අඟවන්නේ, ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී ඊට වඩා දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට සිදුවන බවයි.