ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වීදියක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලැබූවන් අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව ද සඳහන් වේ. මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් 60 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වාර්තාවලට අනුව, සැකකරු විසින් පොලිස් වාහන ඇතුළු මාර්ගයේ ගමන් කළ වාහන ද ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාර 100කට ආසන්න සංඛ්‍යාවක් එල්ල කර ඇත. කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිඩ්නි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.