ICC ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රිකට් සාමාජිකත්වය තහනම් කරයි !

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබේ. ICC නියමවලට පටහැනි ලෙස ඇමරිකානු ක්‍රිකට් පාලනාධිකාරිය ක්‍රියා කළ බවට චෝදනා මත මෙම තීරණය ගෙන ඇති බවද සඳහන් වේ. කෙසේවෙතත්, මෙම අත්හිටුවීම නිසා ඇමරිකානු ජාතික කණ්ඩායමට 2028 ලොස්ඇන්ජලිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීමට හෝ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආශ්‍රිතව පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානට පිවිසීමට බාධාවක් නොමැති බව ICC නිකුත් කළ නිවේදනයේ විශේෂයෙන්ම උපුටා දක්වා ඇත.