දුරකථන ඇමතුම්වලට ප‍්‍රතිචාර දැක්වීම ඉතා අපහසු බව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ සඳහන් කරයි. ජාතික වගකීමක් යටතේ අමාත්‍යාංශය හා පාර්ලිමේන්තු කටයුතු නිසා සියලු දෙනාම කාර්යබහුල බවද ඔහු සඳහන් කරයි. වඩාත්ම කාර්යක්ෂම ක්‍රමය වන විද්‍යුත් තැපැල් මඟින් ගැටළු යොමු කරන ලෙසද ඔහු ඉල්ලා සිටියි. තම සමාජ ජාල ගිණුමේ ඔහු සටහනක් තබමින් මේ බව කියා තිබේ. අදාළ සම්පූර්ණ සටහන මෙසේය.