පොහොසත් ලස්සන රටක් හදන්න සිස්ටම් එක වෙනස් කරන්නම ඕන

පවතින තත්ත්වයෙන් ශ්‍රී ලංකාව වඩාත් පොහොසත් ලස්සන රටක් බවට පත් කිරීම සඳහා සාම්ප්‍රදායික සමාජීය වටපිටාව වෙනස් කළ යුතුව ඇතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක පැවසීය. ඉදිරි සුභවාදී ගමනක් කරා යොමු වීමට නම් පවතින තත්ත්වය වෙනස් විය යුතු බව මෙරට දේශපාලන අධිකාරිය මැනවින් අවබෝධ කර ගෙන සිටින බව ද ඔහු පැවසුවේය. ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යයාලය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවිධාන කළ අලුත් වැස්ස – මහනුවර දිස්ත්‍රික් සංස්කෘතික උළෙලේ සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඊයේ (09) සහභාගීවෙමිනි. එහිදී තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ මෙරට පවතින සාම්ප්‍රදායික පාලනය වෙනුවට මානව දයාවෙන් සපිරි පාලන ක්‍රමයක් බිහි කර ගැනීම අවශ්‍ය වන බවයි. ඒ වෙනුවෙන් වැඩකරමින් පවතින පරිසරය වඩාත් හිතවාදී පරිසරයක් බවට පරිවර්තනය කර ගැනීම මහජනයා විසින් කර ගත යුතුව ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. යුද්ධයක් නිර්මාණය කොට මිනිසුන් ඝාතනය කිරීම වැනි අහිතකර තීරණ මෙන්ම භයානක රෝග සඳහා ඖෂධ නිපදවීම වැනි සුභවාදී තීරණ ගැනීමේ හැකියාව මිනිසාට ඇතැයි පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමාජයට සුදුසු මාර්ගය අවබෝධ කර ගැනීම වෙනුවෙන් මිනිසා යොමු කරන්නේ සංස්කෘතිය විසින් යැයි එහිදී පෙන්වා දුන්නේය. එකම මානව ප්‍රජාවක් විසින් සිදු කරන නිර්මාණ දෙකකදී සමාජයට අත්වන ප්‍රතිඵල ද දෙයාකාර වන බව කී ඒ මහතා සමාජයක් සුබදායක කර ගැනීම සඳහා මනුෂ්‍යා මෙහෙයවීමේ වගකීම කලාව හා සංස්කෘතියට පැවරී ඇතැයි ද සඳහන් කළේය. Share: