රජය විසින් රාජ්‍ය අංශයේ ප්‍රතිඵල පදනම් කරගත් කළමනාකරණය (Results-Based Management – RBM) ශක්තිමත් කිරීම සඳහා නව “අමාත්‍යාංශ ප්‍රතිඵල රාමුවක්” හඳුන්වා දී ඇත. 2025 සිට 2029 දක්වා කාලය ආවරණය වන පරිදි, අමාත්‍යාංශ 22 ක් සහ අනුබද්ධ ආයතන ඉලක්ක කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. මෙමගින් සියලුම සංවර්ධන ඉලක්ක නිශ්චිත කාල රාමු තුළ දී ඉටුකරන බව සහතික කිරීම අපේක්ෂා කෙරේ. මෙම ප්‍රතිඵල රාමුව සකස් කර ඇත්තේ මහා භාණ්ඩාගාරයේ ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. එහි ප්‍රධාන අරමුණ වන්නේ අමාත්‍යාංශ හරහා කාර්යක්ෂමතාව, වගවීම සහ සම්බන්ධීකරණය ඉහළ නැංවීමයි. එමෙන්ම, රාජ්‍ය අංශයේ ව්‍යාපෘති නියමිත වේලාවට නිම කිරීමෙන් රජයේ ආයෝජන කෙරෙහි මහජනතාවගේ විශ්වාසය වැඩි කිරීම ද අපේක්ෂාව වේ. මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ඇත. ඒ අනුව මෙම නව ක්‍රමවේදය මඟින් එක් එක් අමාත්‍යාංශයේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සහ අයවැය උපායමාර්ගය මෙම ප්‍රතිඵල රාමුව සමඟ සෘජුවම ඒකාබද්ධ කෙරෙනු ඇති. News4 general දරුවන්ගෙන් නඩත්තු ඉල්ලා වැඩිහිටි පැමිණිලි 200ක් දරුවන්ගෙන් නඩත්තු ඉල්ලා වැඩිහිටියන් 200කට අධික පිරිසක් ඒ සම්බන්ධයෙන් හඳුන්වාදුන් වට්ස්ඇප් අංකයට පැමිණිලි යොමු කර ඇති බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි. 0707 89 88 89 යන වට්ස්ඇප් අංකය මගින් සරණ උපකාර සේවය හා සම්බන්ධ විය හැකි බව එහි අධ්‍යක්ෂ චතුර මිහිදුම් මහතා සදහන් කළේ ය. පැමිණිලි විභාග කිරීම සඳහා නඩත්තු මණ්ඩල අලුතින් පිහිටුවා ඇති බවද ඔහු ප්‍රකාශ කරන ලදි. පැමිණිලි ඉදිරිපත් කරන්නන් ඉදිරියේදි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිට ඔන්ලයින් ඔස්සේ සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර ඇති බවද අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ ය.