ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ මියගිය පිරිස 80 ඉක්මවයි !

ඊශ්‍රායලය ඊයේ (24) දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ විශාල ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 80කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇතිවූ මරණ ගණනෙන් වැඩි දෙනෙකු ගාසා නගරයේ නාගරිකයින් බවද සඳහන් වේ. එමගින් අවතැන් පවුල් රඳවාගෙන සිටි ගොඩනැගිල්ලකට සහ කුඩාරමකට එල්ල වූ ප්‍රහාරයකින් පමණක් පුද්ගලයින් 20ක් ජීවිතක්ෂයට පත් වී ඇත. මියගිය අය අතර කාන්තාවන් සහ ළමුන්ද සිටින බව වාර්තා වෙයි. එහෙත්, මෙම ප්‍රහාරයන් පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය ප්‍රකාශ කළේ, තමන් ඉලක්ක කරගත්තේ හමාස් සටන්කාමීන් බවයි.