ඉන්දියාවේ දැවැන්ත බදු කප්පාදුවක් !

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා භාණ්ඩ හා සේවා බද්දේ (GST) අනුපාතිකයන්ට විශාල කප්පාදුවක් සිදු කරන බව නිවේදනය කර තිබේ. ඊයේ (21) ජාතිය අමතමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, මෙම “මීළඟ පරපුරේ ප්‍රතිසංස්කරණ” හරහා දෛනික භාණ්ඩ වඩාත් අඩු මිලකට ජනතාවට ලබා ගැනීමට හැකි වන බවය. ඉන්දීය ආශ්‍රිත භාණ්ඩවල GST අනුපාතිකයන් පහළ දැමීමෙන් ස්වදේශීය නිෂ්පාදකයින්ට තම නිෂ්පාදන තවදුරටත් අඩු මිලකට වෙළඳපොළට ගෙන යාමට හැකි වන අතර, එය ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනයටත් ඉවහල් වන බවත් මෝදි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. තවද, ජනතාවට හැකි තරම් රටේ නිෂ්පාදිත භාණ්ඩ මිලදී ගැනීමට උත්සාහ කරන ලෙස අග්‍රාමාත්‍යවරයා අයදුම් කළේය. මෙම බදු කප්පාදුව මධ්‍යම පන්තියට සහ නැගී එන මධ්‍යම පන්තියට දැඩි ආධාරයක් වන අතර, දිළිඳු ජනතාවටද සුවපහසුකමක් ලබා දෙනු ඇති බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.