113 වසරක් පැරණි ස්වීඩන් දේවස්ථානයක් අලුත් තැනකට

ස්වීඩනයේ පිහිටි වසර 113ක් පැරණි ඓතිහාසික කිරුනා දේවස්ථානය වෙනත් නවතැනකට රැගෙන යෑම සඳහා බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. එම දේවස්ථානය දැනට පවතින ස්ථානයෙන් කිලෝමීටර් 5ක් දුරින් පිහිටි නව ස්ථානයක් වෙත ගෙන යන බවයි සඳහන් වන අතර, දේවස්ථානය පිහිටි භූමිය තුළ යපස් කැණීම් හේතුවෙන් ඇති වූ අස්ථාවරතාවයක් නිසා මෙම තීරණය ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ඓතිහාසික කිරුනා දෙව් මැදුර 1950 වසරට පෙර ඉදිකළ සුන්දරම ගොඩනැගිල්ල ලෙසද වරෙක තේරීපත් වී තිබීම විශේෂත්වයකි.