හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් තමන්ට නියම කර තිබෙන අත්හිටවූ සිර දඬුවම සහ දඩ මුදලින් තමාව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනයක් ඔහුගේ නීතිඥවරු විසින් අද අභියාචනාධිකරණයෙන් ඉල්ලා අස් කරගෙන ඇත. හිටපු අමාත්‍යවරයාට නියම කෙරුණු රුපියල් මිලියන 25ක දඩ මුදල කොටස් වශයෙන් ගෙවීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල කල් ලබා දුන් අතර, එම අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට අවසර ඇත. මෙම අභියාචනය අද (11) මායාදුන්නේ කොරයා, කුමාරන් රත්නම්, සශී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. ප්‍රසන්න රණතුංගට නියම කෙරුණු රුපියල් මිලියන 25ක දඩ මුදල කොටස් වශයෙන් ගෙවීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල කල් ලබා දුන් අතර, අනතුරුව එම අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දී ඇති බවයි සඳහන් වන්නේ. ඔහුට එල්ලවූ චෝදනාවන්නේ ඔහු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව කටයුතු කළ අවධියේදී මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි.