මහියංගන – ගිරාදුරුකෝට්ට ප්‍රධාන මාර්ගයේ සොරබොර වැව කනුව ප්‍රදේශයේදී, වන්දනා නඩයක් රැගෙන ගිය වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් ගසක ගැටීමෙන් අනතුරක් සිදුවිය. මෙම අනතුර ඊයේ (26) රාත්‍රී 11ට පමණ සිදුව ඇති අතර, රථයේ ගමන් ගත් පුද්ගලයින් 11 දෙනා තුවාල ලබා මහියංගන සහ බදුල්ල රෝහල්වලට ඇතුළත් කර තිබේ. වාර්තා අනුව තුවාලකරුවන්ගෙන් 6 දෙනා බදුල්ල රෝහලේද, තවත් 5 දෙනා මහියංගන රෝහලේද ප්‍රතිකාර ලබති. මෙම පිරිස බදුල්ලේ සිට අනුරාධපුරයට ගොස් යළි පැමිණෙමින් සිටියදී අනතුර සිදු වූ බව පොලීසිය සඳහන් කළේය. News 05 සැප්තැම්බර් 30 ට පෙර ගෙවා අවසන් කළ යුතු ආදායම් බදු 2024/2025 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු සඳහා අවසන් ගෙවීම් 2025 සැප්තැම්බර් 30 දිනට හෝ ඊට පෙර සිදු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් සියලුම බදු ගෙවන්නන්ට දැනුම් දී තිබේ. මෙම නියෝගය තනි පුද්ගලයන්, සමාගම්, සංස්ථා, හවුල් ව්‍යාපාර සහ අනෙකුත් සියලුම ලියාපදිංචි ආයතන ඇතුළු සියලුම බදු ගෙවන්නන්ට අදාල වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. Online Tax Payment Platform (OTPP) මඟින් අන්තර්ජාලය හරහා ගෙවීම හෝ ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවක් වෙත ගොස් ගෙවීම මගින් මෙම අවසන් ගෙවීම් සිදුකළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රමාදවීම් හෝ ගෙවීම් පැහැර හැරීම් සඳහා පොලී සහ දඩ මුදල් අය කරන බවත්, මේ නිසා මුදල් ගෙවීමේ ස්ලිප් (Paying-in slips) ලැබෙන තෙක් බලා නොසිට නියමිත දිනට පෙර ගෙවීම් සිදු කරන ලෙසද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියි. News 06 ඝානාවේ බොක්සිං සම්පූර්ණයෙන්ම අත්හිටුවයි ඝානාවේ ජනප්‍රිය බොක්සිං ක්‍රීඩකයෙකු වූ අර්නස්ට් අකුෂේ (32) මරණයට පත් වූ පසු, එරට සියලුම බොක්සිං ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවා ඇත. බාහුබලි ලෙස දහස් ගණනක් ගේ ජනප්‍රියත්වටයත් පත් අකුෂේ, තරගයකදී ලැබූ අභ්‍යන්තර තුවාල හේතුවෙන් තරගයෙන් දින 11කට පසු ඔහු මියගොස් ඇති බව මුල් පරීක්ෂණවලින් හෙළිව තිබේ. ඝානාවේ ජාතික ක්‍රීඩා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින්, ක්‍රීඩක ජීවිත ආරක්ෂා කිරීම, ක්‍රීඩාවේ නීතිමය සහ අඛණ්ඩ පවත්නාභාවය රැකගැනීම සහ එහි අනාගතය සුරැකීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් කළේය. මෙම සිදුවීම මාස හයක් ඇතුළත ඝානාවේ වෘත්තීය සටන්කරුවෙකුගේ දෙවන මරණය බව විදෙස් වාර්තා සඳහන් කරයි.