හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට අද (25) හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබේ. ඒ, 2020 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ය. මෙම චෝදනා යටතේ සචිත්‍ර සේනානායක හට නීතිපතිවරයා විසින් පසුගිය ජුනි 5 වනදා අධිචෝදනා ගොනුකර ඇත.