රජයට ලක්ෂ 260 කට අධික පාඩුවක් කිරීමෙන් රාජිතට අධිචෝදනා
කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ වැඩ කටයුතු කොරියානු සමාගමකට ලබාදීමෙන් රජයට රුපියල් ලක්ෂ 260 කට අධික පාඩුවක් සිදු කළේ යයි චෝදනා කරමින්, හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න සහ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට අල්ලස් කොමිසම කටයුතු කරන බව ඊයේ (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි. මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවා ඇත. එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසුව මෙම සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවය. නඩුවේ විත්තිකරුවන් දෙදෙනා මේ වන විට ඇප මත සිටින අතර, නඩුකරය නැවත කැඳවීමට නියමිත දිනය 2026 ජනවාරි 30 දා ලෙස අධිකරණය තීරණය කළේය.